Menu
Contact us
×
Monday, May 5th, 2025
ලෝකයේ පළමු කෲස් ලයිනර්" නෞකාව

ග්‍රීක ගණිතඥයෙක් සහ යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වන ආකිමිඩීස් (ක්‍රි.පූ. 287-212) ක්ෂේත්‍ර දෙකෙහිම පුරෝගාමියෙකු ලෙස සිසිලියේ, සිරකූස්හි දෙවන හිඑයරෝ (Hiero) රජුගේ පාලනය යටතේ (ක්‍රි.පූ. 270 - 215), විශ්මයජනක නැවක් ඔහු විසින් ඉදිකරන ලදී. එම යෝධ බෝට්ටුව ඉදිකිරීම සඳහා යොදාගත් ද්‍රව්‍ය එකල සාමාන්‍ය නැව් 60ක් සඳහා වූ ද්‍රව්‍යයට සමාන විය. එපමණක්ද නොව, එම යාත්‍රාව ආරක්ෂිත වෙරළ තීරයෙන් පිටවී මධ්‍යධරණී මුහුද තරණය කිරීමට අදහස් කරන ලදී. නෞකාවට ලබා දී ඇති නම වූයේ "සිරකුසියා"ය. ලෝකයේ පළමු කෲස් ලයිනර්" (“world’s first cruise liner”) නෞකාව ලෙස හැඳින්විය හැකි තත්වයන් එය නියෝජනය කළේය.