Menu
Contact us
×
Monday, May 5th, 2025
ඉන්දියාව ජපානයට වාහන අපනයනය අරඹයි
වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගොයාල් අඟහරුවාදා කියා සිටියේ Maruti Suzuki India විසින් ජපානයට සිය Fronx  වාහනය අපනයනය කිරීම ආරම්භ කිරීම ගෝලීය වේදිකාවේ 'ඉන්දීය සන්නාම' ප්‍රතිරූපය තවදුරටත් ශක්තිමත් කර ඇති බවයි.

ප්‍රථම වාහන 1600 කට අධික තොගයක් ගුජරාට් හි පිපවාව් වරායෙන් ජපානය බලා පිටත් වූ බව එරට විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

"ජපානය යනු ලෝකයේ ගුණාත්මක බවින් ඉහළම සහ දියුණු මෝටර් රථ වෙළඳපොලකි. ජපානයට අපගේ අපනයනය, නවීන තාක්‍ෂණය, සුවිශේෂී කාර්ය සාධනය, තත්ත්ව ප්‍රමිතීන්, ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂාව සහ ලෝක මට්ටමේ වාහන නිෂ්පාදනය කිරීමට Maruti Suzuki සතු හැකියාව පිළිබඳ සාක්ෂියකි යනුවෙන් " Maruti Suzuki India කළමනාකාර අධ්‍යක්ෂක සහ CEO හිසස්හි තකෙයුචි පැවසීය.