Menu
Contact us
×
Saturday, May 3rd, 2025
වන ගහනය ගැන රජයේ ගිණුම් කාරක සභාව කියන්නේ ඇත්ත ද?

වන ගහනය 30% පවත්වාගෙන යන ලොව මුල් රටවල් තුන අතර ශ්‍රී ලංකාව පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව කියා සිටී.

ශ්‍රී ලංකාවට අමතරව එසේ පවතිනුයේ දකුණු කොරියාව සහ ජපානය යන රවටල් දෙක පමණක් බව ගිණුම් කාරක සභාවේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වාදී තිබේ.

ලෝක‍යේ රටවල් තුළ පවතින වනාන්තරවල ප්‍රතිශතය 31% ලෙස සලකන අතර මෙරට වනාන්තර ප්‍රතිශතය 30% මට්ටමේ පැවතීම ඉතා යහපත් තත්ත්වයක් බව පවසා ඇත.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ සමස්ත වනාන්තර පද්ධතිය ගැසට් කර නොමැත. මෙවැනි ප්‍රකාශයන් සිදු වන්නේ එවැනි තත්වයක් යටතේය.

නමුත් පරිසර හා සොබාදහම් මධ්‍යස්ථානය (CENS) පවසා සිටිනුයේ ශ්‍රී ලංකාවේ සිදු වූ දැවැන්ත පරිසර විනාශය හේතුවෙන් 1882 දී සියයට 83 ක් වූ වන ඝනත්වය මේ වන විට සියයට 16 දක්වා අඩු වී ඇති බවය.

සබැඳීන්වන ඝනත්වය 16% දක්වා අඩුවේ  

                               තවදුරටත් වනාන්තර විනාශ කළොත් අපේ රට ඉතා විශාල දේශගුණ විපර්යාසවලට ලක්වන රටක් වේවි