Menu
Contact us
×
Monday, June 23rd, 2025
නෙලුම් කුලුන රතු පැහැයට
කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම පවසා සිටිනුයේ අද (01) සිට කොළඹ නෙළුම් කුළුණ සිට රතු පැහැයෙන් ආලෝකමත් කරන බවය.

ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කොට ඇති හෙට සිට ආරම්භ වන “ඇල්සයිමර්” මාසය හේතුවෙනි.

“ඩිමෙන්නියා” රෝගී තත්වයක් ලෙස සැලකෙන ඇල්සයිමර් රෝගය පිළිබඳව ලෝකවාසි ජනතාවගේ අවධානය යොමුකිරීමෙ අරමුණින් සැප්තැම්බර් මාසය ” ඇල්සයිමර්” මාසය ලෙස ප්‍රකාශයට පත්කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබේ.

ඇල්ෂයිමර් රෝගය දරුණු මට්ටමට පත්වීමට පෙර රෝග ලක්ෂණ මතු වූ සැනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.

” ඩිමෙන්නියා” රෝගය මතකය අහිමි වීම, චින්තනය සහ මිනිස් හැසිරීම කෙරෙහි දැඩිව බලපාන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos