Menu
Contact us
×
Monday, June 23rd, 2025
මහ මගදී තරුණයෙකුගේ අත් දෙකම කපා දමයි


ත්‍රීරෝද රථයක වාඩි වී සිටි පුද්ගලයන් දෙදෙනෙකුට කිසියම් පුද්ගලයෙකු පැමිණ තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඉන් එක් පුද්ගලයෙකුගේ අත් දෙකම වෙන් වන සේ කපා දමා ඇත. අනෙක් පුද්ගලයාගේ එක් අතක් කපා දමා ඇත.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේ නිවසක් ඉදිරිපිට දී ය. මෙම ප්‍රහාරය ඊයේ (17) එල්ලවී තිබේ.

දෙඅත් කපා දැමූ පුද්ගලයා මහමග දිවගොස් ඇද වැටී තිබෙන අතර ඔහුට උදව් කිරීමට කිසිවෙකුත් ළංවී නොමැති බවද වාර්තා වෙයි.

අනෙක් පුද්ගලයා පොලීසියට දිවගොස් තිබුණි.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos