Menu
Contact us
×
Monday, June 23rd, 2025
අපි කුඩුකාරයන්ට ණයත් නෑ, භයත් නෑ, අපි මොකටද භය වෙන්නේ? - අනුර

පොලිස් නිලධාරීන් සඳහා සිය රාජකාරිය ගෞරවාන්විතව කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළයුතු බව

ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි. 

 

 

ඔහු පැවසුවේ, 

"අපි කුඩුකාරයන්ට ණයත් නෑ. භයත් නෑ. අපි මොකටද භය වෙන්නේ," 

යනුවෙනි.

 

 

"කිසිදු දේශපාලකයෙක් ඉදිරියේ නැමෙන්නේ නැතිව තමන්ගේ තනතුර තමන්ගේ යුනිෆෝම් එක, තමන්ගේ තරුවේ, පටියේ ගෞරවය තියාගෙන රාජකාරී කරන්න පුළුවන් රටක් පොලීසියේ මහත්වරුන්ට හදලා දෙන්න ඕනේ.

 

අද අපේ රටේ අත්අඩංගුවට ගන්නවද නැත්ද කියලා තීරණය කරන්නේ පොලීසිය නොවෙයි පළාතේ දේශපාලඥයා. ඒක අපි අයින් කරනවා.

 

අපිට බේරා ගන්න හොරුත් නෑ. අපට බේරා ගන්න අපරාධකාරයොත් නෑ. අද අපේ රටේ කුඩුවලින් විශාල ව්‍යසනයක් වෙලා තියෙනවා.

 

අපි කුඩුකාරයන්ට ණයත් නෑ. භයත් නෑ. අපි මොකටද භය වෙන්නේ."

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos