Menu
Contact us
×
Tuesday, June 24th, 2025
රනිල් ජනාධිපති වූ පසුව හමුදා ලොක්කන් 784 කට තීරුබදු රහිත වාහන බලපත්‍ර දීලා
ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ 2023 කාර්ය සාධන වාර්තාවේ දැක්වෙනුයේ පසුගිය වසරේදී, එනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසුව, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 784 දෙනෙකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදී ඇති බවයි.

හමුදා නිලධාරීන් 437 කට, නාවික හමුදා නිලධාරීන් 167 කට, ගුවන් හමුදා නිලධාරීන් 115 කට, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 40 කට සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 25 කට මෙසේ බලපත්‍ර ලබාදී ඇත.

මේ අතරින් බලපත්‍ර 68ක් සේවයෙන් විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නිකුත් කර ඇති බවයි එම වාර්තාවෙන් දැක්වෙන්නේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos