Menu
Contact us
×
Monday, June 23rd, 2025
TNA නායක හමුව දැඩි ලෙස උණුසුම්

ජනාධිපතිවරණයේදී සහාය දිය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රැස්වූ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන මධ්‍යම කාරක සභා සාමාජිකයින් අතර දැඩි මත ගැටුම් ඇතිව තිබේ.

අදාළ තීරණය ගැනීම සඳහා එම සන්ධානයේ මධ්‍යම කාරක සභාව වවුනියාව නගරයේදී රැස් වී තිබුණි. එහිදී සාමාජිකයින් දෙදෙනෙකු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී එය දැඩි නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය වී තිබිණ. මෙම තත්ත්වය මැද පක්ෂයේ නායකයෙකු එම ස්ථානයෙන් හදිසිම පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව තීරණයකින් තොරව රැස්වීම අවසන් වී තිබේ.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos