Menu
Contact us
×
Monday, June 23rd, 2025
විශ්ව විද්‍යාල කිහිපයක සිසුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වෙයි ද?

විශ්ව විද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් පැමිණිල්ලක් ලැබී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් නිමල් පුංචිහේවා මහතා පවසයි.

එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පැෆරල් සංවිධානය විසිනි.

ලබන 20 වනදා දවස පුරා අධ්‍යන කටයුතු සිදුකිරීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත්තේ යාපනය ,රුහුණ සහ කැලණිය විශ්ව විද්‍යාල වල සිසුන් පිරිසකට බව පැමිණිල්ලේ සඳහන්ය.

දුර බැහැරව පදිංචි වී සිටින සිසුන් එම ගැටලුවට මුහුණ දෙන බව පැමිණිල්ලේ සඳහන්ය.

ඒ පිළිබඳව සොයා බලා විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව කොමසාරිස් ජෙනරාල් වැඩිදුරටත් පැවසීය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos