Menu
Contact us
×
Monday, June 23rd, 2025
රනිල්ගේ කතාව ඇසූ ප්‍රා/න සභාපතිලා සතුටින්

තමන්ට සහාය දෙන මහජන නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටී.

ඔහු මේ බව පැවසුවේ මහනුවරදී පැවති හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදය අමතමිනි.

ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ගෙන ඇති වැඩපිළිවෙල හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් එහිදී පැසසුමට ලක් කලේය.

මෙහිදී රැස්වීම අවසන් වී පිටව යන පලාත්පාලන ප්‍රධානීන් ඇතුළු බොහෝ දෙනෙකු අතර කතා බස් වී ඇත්තේ රනිල් ජනාධිපති වුවහොත් තමන් හට නැවතත් බැසිල්ගේ කාලයේ මෙන් ගල්, වැලි, පස්, මැටි, ලී, ගල්, බොරළු ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යා හැකි බවත්, එසේම කොන්ත්‍රාක්ත් කටයුතු ආදිය තමන් වෙත ලබාගෙන සාර්ථකව කරගෙන යා හැකි බවත්ය.

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos