Menu
Contact us
×
Monday, June 23rd, 2025
සජබට එරෙහිව CIDට පැමිණිල්ලක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට එරෙහිව ජාතික ජන බලවේගයේ නීතීඥවරුන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තුෂාර ඉඳුනිල් මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්ව වහාම අත් අඩංගුවට ගතයුතු බවයි ජාතික ජන බලවේගයේ නීති අංශයේ ප්‍රධානියෙකු වන නීතීඥ සුනිල් වටගල සඳහන් කළේ.

ඔහුව ICCPR පනත යටතේ අත් අඩංගුවට ගත යුතු බව පැවසූ වටගල ඒ පනත යටතේ අත් අඩංගුවට ගත් කිහිපදෙනෙකු වසර ගණනාවක් ඇප නොදී රඳවා තබාගෙන සිටි බවත් සිහිපත් කළේය.

සුනිල් වටගලගේ ප්‍රකාශය:

“මේ පැමිණිල්ල අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කෙරුවේ ජාතික ජන බලවේගය හැටියට සමගි ජන බලවේගයේ සාමාජිකයකු වන තුෂාර ඉඳුනිල් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්. වෛරීසහගත ඒ ප්‍රකාශය ඇතුළේ තියෙනවා 22 වෙනිදාට පස්සේ අනුර කුමාර දිසානායක සහෝදරයාගෙ කණ්ඩායම ව්‍යාපාර අත්පත් කරගන්නවා, ගෙවල්වලට පනිනවා, යාන වාහන ගන්නවා, මෙවැනි විකාර රූපී අදහසක්. මේක සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ තුන්වෙනි වගන්තිය උල්ලංඝනය කිරීමක්. මේ ව්‍යවස්ථාව යටතේ අත් අඩංගුවට ගත් කීපදෙනෙක් ඇප නැතිව වසර ගණනාවක් තියාගෙන හිටියා. එහෙම නම් මේ වෛරීසහගත ප්‍රකාශය හරහා මේ සමාජය බෙදන්න, ජනයා පෙළන්න, ජනයා අතර විකාරරූපී මත ගැටුමක් හදන්න උත්සාහ කරපු මේ තුෂාර ඉඳුනිල් නමැති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා වහාම අත් අඩංගුවට ගන්න ඕනෙ”

MOST READ
1
2
3
4
5
6
7
8
9
10
Latest Videos